හීන අතාරිනවද..
ඉතින්.. දැන් ඇතිද දැක්කා..
දැක්කා දැක්කා හැමදාමත් හීනම දැක්කා..😍
පාට පාට ලෝක පිරුනු හීනම දැක්කා..
හීන හීන විතරක් වී එන බව දැක්කා..
තෙහෙට්ටුවයි විඩාබරයි දැන් ඇති දැක්කා..
ආ ඉතින් දැන් උබ නවතින්නද හදන්නේ...
නවත්තන්න ඕනෙම නම් මොකටද දැක්කේ..
කොහේ ගියත් කවුරුත් අත දෙන්නෙම නැත්තේ..😣
දෙන්නෙම නෑ කියාලා උබ නවතින්නද හිත..
එසේ කියා බෑනේ බොල එවුවා 🌙 පුත..
බැහැයි කියා කිසිම දෙයක් නැත්තේ මේ ලොව...
පුලුවන්නම් පෙන්නාපන් කරලා උබේ වැඩ 😏
කම්මැලි පදයෙන් ආයෙත් හමුවට එන්නම්..
උඹට පුලුවන් ..
උඹ කවදාහරි දිනනවා..
මං ඒක දන්නවා..
එතකන් මන් බලන් ඉන්නවා..
😉ලූස්😉
✍️අයේෂි මාතරගේ✍️
...පෙනෙන,දකින දේ සරලවම...
උඹට පුලුවන් ..
උඹ කවදාහරි දිනනවා..
මං ඒක දන්නවා..
එතකන් මන් බලන් ඉන්නවා..
😉ලූස්😉
✍️අයේෂි මාතරගේ✍️
...පෙනෙන,දකින දේ සරලවම...

♥️
ReplyDelete😍
Delete